Inauguration Ceremony Welcomes the 35th Batch of International Students for the Diploma in Buddhist Studies KELANIYA, SRI LANKA
August 01, 2026.
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ක්ෂේත්‍ර අධ්‍යයන වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට අදාළ ක්ෂේත්‍ර අධ්‍යයන සැසිය (Field Study Session) 2026 අගෝස්තු මස 01 (සෙ.) දින මුල්ලේරියාව, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ දී සාර්ථක ව පැවැත්විණි. පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි එම පාඨමාලා සම්බන්ධීකාරක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පූජ්‍ය අම්පාරේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම ක්ෂේත්‍ර අධ්‍යයන සැසියට සමගාමී ව පැවැත් වූ විශේෂ වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය සපයන ලද්දේ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික සෞඛ්‍ය පුහුණු හා පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, ආරාධිත කථිකාචාර්ය පියුමි ඒකනායක මහත්මිය විසිනි. මෙම අධ්‍යයන සැසිය සාර්ථක කරගැනීම සඳහා පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආරාධිත කථිකාචාර්ය, පූජ්‍ය හෑදෙනියේ සුමේධ හිමි, සහකාර කථිකාචාර්ය, පූජ්‍ය කරඳගොල්ලේ සුසීම හිමි, පාඨමාලා සහායිකා රුවන්තිකා පීරිස් මෙනවිය සහ කාර්යාල කාර්ය සහායක චන්ද්‍රසිරි මහතා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කැපවීම හා දායකත්වය හිමි විය.