A Tribute to Academic Excellence: Launch of the Felicitation Volume for Emeritus Professor Tilak Kariyawasam
මෙම පාඨමාලාව බෞද්ධ මනෝවිද්‍යාව, බෞද්ධ උපදේශනය හා බෞද්ධ මනෝචිකිත්සාව පිළිබද පූර්ණ අවබෝධයක් හා වෘත්තීමය උපදේශන ක්රියාවලියෙහි නියැලීමට අපේක්ෂා කරන විද්‍යාර්ථීන් වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලීය පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් විශේෂයෙන් සකස් කොට තිබේ.
ලෝකයේ බොහෝ රටවල වර්තමානය වන විට බෞද්ධ මනෝ විද්‍යාව හා උපදේශනය පිළිබද දැඩි උද්යෝගයක් පවතියි. එනිසා ම එම රටවල ඒ පිළිබද පුළුල් අධ්‍යයනයන් ද සිදු වේ. ශ්‍රි ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙතෙක් මෙබදු පාඨමාලාවක් ක්‍රියාත්මක නොවීම ඒ පිළිබද අධ්‍යයනයන්හි නියැලීමට කැමැත්තක් දක්වන අයට මහත් අඩුවක් ව පැවතුණි. එනිසා මෙම පාඨමාලාව බෞද්ධ අධ්‍යයනය සම්බන්ධ සුවිශේෂ පාඨමාලාවක් වන අතර ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලයකින් ප්රදානය කරනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබද ප්‍රථම ඩිප්ලෝමා පාඨමාලාව ද වේ.
Language - සිංහල
Studies and Length - 30 Credits
Level - SLQF 3
Programme Period - 1 Years
මුලික බුද්ධ දේශනා පදනම්ව බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබද පැහැදිලි අවබෝධයක් ලබාදීමත්, බෞද්ධ උපදේශනය හා සම්බන්ධ සිද්ධාන්ත සහ ක්‍රම ශිල්ප අධ්‍යයනය කොට ඒවා නූතන සමාජ මානව ගැටළු විසදා ගැනීම සදහා අවස්ථාවෝචිතව හා ප්‍රායෝගිකව භාවිතා කිරීම සහ ස්වකීය ජිවිතාභිවෘද්ධියට අදාළ කරගැනීම පිළිබද ඵලදායී පුහුණුවක් ලබාදීමත් මෙම පාඨමාලාවෙහි ප්රමුඛ අරමුණු වේ.
අ.පො.ස උසස් පෙළ සමත් වීම හෝ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වීම හෝ ධර්මාචාර්ය විභාගය සමත් වී තිබීම.
අ.පො.ස සාමාන්‍ය පෙළ සමග දහම් පාසල් අවසාන විභාගය සමත් වී තිබීම.
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්වීම සමග රාජ්‍ය සේවයෙහි වසර පහක සේවා පළපුරුද්ද.
රාජ්‍ය අනුමැතිය ලබා ඇති ආයතනයකින් ලබාගත් ඩිප්ලෝමාවක් තිබීම හෝ කැලණිය විශ්වවිද්‍යාලීය සනාතන සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම්.
DBPC 03014 - බෞද්ධ මනෝවිද්‍යාවේ සහ උපදේශනයේ සෛද්ධාන්තික පදනම
DBPC 03024 - බෞද්ධ මනෝවිශ්ලේෂණය
DBPC 03036 - මනෝරෝග, ප්‍රතිකාර හා මානසික සුවතාව
DBPC 03046 - බෞද්ධ උපදේශන කුසලතා
DBPC 0305X - නිබන්ධනය
Senior Lecturer & Coordinator
Department of Pali & Buddhist Studies
Faculty of Humanities
University of Kelaniya
Sri Lanka.
Mobile : +94 71 064 0251
Email : deniyaye@kln.ac.lk
Course Assistant
Department of Pali & Buddhist Studies
Faculty of Humanities
University of Kelaniya
Sri Lanka.
Mobile : +94 742 939 904
Email : dbpc@kln.ac.lk